Friday, August 19, 2016

ඔයාවත් උන්නනම්

වෙන්වෙලා නැතුවට දුරස් වෙලා හැමදේම 
කියාගනු බැරි බොහෝ දේ 
කදුලු එක්ක දියවෙලා 
කම්මුල් දිගේ සීරුවට ගලාගෙන යනවා...
යෞවනේ හිනිපෙත්ත
ජීවිතේ
දුක් උසුලන් සිනාසෙනවා
හංගගෙන සුසුමක් විඩාබර...
මගේ ළඟ ඔයාවත් උන්න නම්
ගොතන්න පුළුවන් ජීවිතේ යලි
නෑසියන් ගේ දොරින් දුරස් වුණු
මගෙ දිවිය අලුත් පාටක නූලකින්
ඔයත් එක්ක...
එනවද... මගෙ ළඟට ඉඩතියනව
හැමදාම මේ හිතේ ...

No comments:

Post a Comment