මං ඔයාට ආදරෙයි
මේ ඇත්තමයි
අනේ
ඔයාට ඒක දැනෙනවනම්
....
අපේ ගෙදර ඇවිදින් යන වෙලාවට
තාත්තට විතරක් යන්නම් නොකියා
මගෙත් එක්කත් හිනාවෙන්න
...
ඔයාව දකින,මතක්වෙන ගානෙ
මගෙ හදවත නැවතිලා
ආයෙමත් ගැහෙනව හිමින්
...
මං ඔයාට ආදරෙයි
මේ ඇත්තමයි
අනේ
ඔයාට ඒක දැනෙනවනම්
...
මගෙ හිත හිරවෙලා
අදුරු වලාකුළු වල
ඕනේ වුනත් මට කියන්න
ආදරේ
කොහොමද කියන්නේ කියලා
දන්නෙ නෑ
...
බ්ලොග් පිටුවෙ අකුරු කරනව
කදුලු අතරින් අකුරු හොයමින්
මං ඔයාට ආදරෙයි
කියලා
No comments:
Post a Comment