රෑ සඳට පෙම් බඳින සඳ කුමුද ,
ඔබත් හරියට මං වගේමයි
සඳතැන්න දෙස බලං
සඳ එළිය පතන්නේ...
රෑ සඳට පෙම් බඳින සඳ කුමුද ,
ඔබත් හරියට මං වගේමයි
අමාවක නිසාවෙන්
හිතින් දුක් විඳින්නේ...
රෑ සඳට පෙම් බඳින සඳ කුමුද ,
ඔබත් හරියට මං වගේමයි
සඳට සෙනෙහස කියනු බැරිවී
සිතින් පමණක් පෙම් කරන්නේ...
No comments:
Post a Comment