සිතිවිල්ලක සුන්දර ම සිතැඟියාව වගේ
කවියක ලස්සන ම පදපෙළ වගේ
සිතුවමක වර්ණවත් බව වගේ
ඔබත්;
මට හරියට ම ඒ වගේ...
Friday, May 27, 2016
Wednesday, May 18, 2016
සුබ උපන්දිනයක් ඔබට
කවදාවත් අමතක වෙන්නෙ නෑ මට
ඔයාගෙ නම වගේම අද දිනයත්
අම්මා වැඩියෙන් ම සතුටු වුණු දවස
අම්ම විතරක් නෙමෙයි ඔයාගෙ තාත්තත්
ඒ සතුටට දැන් අවුරුදු විස්සක්...
මට කියන්න ඕනෙ ඔයාට
ජීවිතේ සතුටින් ගතවෙන්න
කිසිම දුකක් නොවෙන්න
ඔය මුවග හසරැල් සරුවෙන්න
ප්‍රාර්ථනා කරනවා කියලා මං
නිහඬව ම...
මුලු ලොවටම ඇහෙන්න
කියනවා මං
නිහඬව ම
සුබ උපන්දිනයක් ඔයාට..😆👦💌🌷🍦🍰♥
ඔයාගෙ නම වගේම අද දිනයත්
අම්මා වැඩියෙන් ම සතුටු වුණු දවස
අම්ම විතරක් නෙමෙයි ඔයාගෙ තාත්තත්
ඒ සතුටට දැන් අවුරුදු විස්සක්...
මට කියන්න ඕනෙ ඔයාට
ජීවිතේ සතුටින් ගතවෙන්න
කිසිම දුකක් නොවෙන්න
ඔය මුවග හසරැල් සරුවෙන්න
ප්‍රාර්ථනා කරනවා කියලා මං
නිහඬව ම...
මුලු ලොවටම ඇහෙන්න
කියනවා මං
නිහඬව ම
සුබ උපන්දිනයක් ඔයාට..😆👦💌🌷🍦🍰♥
මදි පින්
ලද බොළඳ විලසින්
ඔය හදේ එතෙමින්
ලබන්නට හිනාවන්
මා සතුව නැත පින්
බුද්ධිමත් අයුරින්
ටොක්කකුත් අනිමින්
කියන්නට කතාවන්
මා සතුව මදි පින්
විහිලුවක් කරමින්
අතකිනුත් අදිමින්
පාරෙ යන්නට ගමන්
මා නොකර ඇති පින්
දුක් සුසුම් හෙළමින්
හිසත් අතගාමින්
බෙදාගන්නට වේදනාවන්
මා නොමැත කර පින්
ඔබ ජීවිතේ කරන්
හිත මගේ හිරකරන්
හිඳින්නට තමා මන්
කරන්නට ඇත්තෙ පින්
ඔයා දැනගත්තොතින්
සදා ළෙන්ගතුකමින්
රැඳෙන්නට මා ළඟින්
එනවාද මට කියන්
ඔය හදේ එතෙමින්
ලබන්නට හිනාවන්
මා සතුව නැත පින්
බුද්ධිමත් අයුරින්
ටොක්කකුත් අනිමින්
කියන්නට කතාවන්
මා සතුව මදි පින්
විහිලුවක් කරමින්
අතකිනුත් අදිමින්
පාරෙ යන්නට ගමන්
මා නොකර ඇති පින්
දුක් සුසුම් හෙළමින්
හිසත් අතගාමින්
බෙදාගන්නට වේදනාවන්
මා නොමැත කර පින්
ඔබ ජීවිතේ කරන්
හිත මගේ හිරකරන්
හිඳින්නට තමා මන්
කරන්නට ඇත්තෙ පින්
ඔයා දැනගත්තොතින්
සදා ළෙන්ගතුකමින්
රැඳෙන්නට මා ළඟින්
එනවාද මට කියන්
Thursday, May 12, 2016
අපි කවුද
'අපි හොඳ යාලුවො'
නෑ එහෙම නෙවෙයි
'අපි ළඟ නෑදෑයො'
නෑ කීයටවත් ම
එහෙනම්... 'අපි ආදරවන්තයො'
නෑ.
නැත්තෙමත් නෑ
ඔයා නොදන්නව වුණාට
ඔයයි මගෙ හිත අරන් ගිය
ආදරවන්තයා...
නෑ එහෙම නෙවෙයි
'අපි ළඟ නෑදෑයො'
නෑ කීයටවත් ම
එහෙනම්... 'අපි ආදරවන්තයො'
නෑ.
නැත්තෙමත් නෑ
ඔයා නොදන්නව වුණාට
ඔයයි මගෙ හිත අරන් ගිය
ආදරවන්තයා...
මටත් පුදුමයි
කවදාවත් මට ආදරේ නොකරපු
කවදාවත් මට ආදරේ නොකරන
ඒ ගැන හිතන්නවත් නැති
ඔයාට
මං ආදරේ කරන තරම්
ඔයාව බලාපොරොත්තු වෙන තරම්
හොරෙන් ම ඔයාගැන හොයාබලන තරම්
මටත් පුදුමයි
මං කොච්චරනම් ඔයා කෙරෙහි බැඳිලා ද කියලා
හිතාගන්නවත් බෑ...
ඇත්තෙන්ම මටවත්
කවදාවත් මට ආදරේ නොකරන
ඒ ගැන හිතන්නවත් නැති
ඔයාට
මං ආදරේ කරන තරම්
ඔයාව බලාපොරොත්තු වෙන තරම්
හොරෙන් ම ඔයාගැන හොයාබලන තරම්
මටත් පුදුමයි
මං කොච්චරනම් ඔයා කෙරෙහි බැඳිලා ද කියලා
හිතාගන්නවත් බෑ...
ඇත්තෙන්ම මටවත්
Subscribe to:
Comments (Atom)