Saturday, April 23, 2016

ඒක පාර්ෂ්වික නිහැඩියාව

ඔයාගෙ අම්මා ඔයාගැන කියනකොට
ආසයි අහන් ඉන්න
වෙලාවකට බයත් හිතෙනවා
අම්මලාට හිත් කියවන්න පුළුවන්ලු
ඔයාවත් දන්නෙ නැති
මගේ 'ඒක පාර්ෂ්වික ප්‍රේමය'
ඔයාගෙ අම්මට ඉව වැටේවිද...
ගෙදරදි ඔයා කරන විසේකාරකං
අගෙයි නෙවැ
ලොකු ලොකු වැඩ කරන්න
උපන් හපනෙක් නෙ ඔබ
රසට උයන්නත් පුළුවන්ලු...
ඉතින් ඉතින්
මාත් අහනවා නැන්දාගෙන්
හරි සතුටින් නෙ ඉන්නෙ
අම්මා ඔයා ගැන
මල්ලිලට වඩා ඔයාටලු ආදරේ
නොපෙන්නුවට අම්මා...
හිනාත් වෙනවා මං
පුදුම වෙනවා සමහර වෙලාවට
ඔය දාන වැඩකිඩ දැකල මං
මොනව වුණත් හැමදේම සුන්දරයි මට
ඔබ වගේ ම...
මල්ලි එක රෝසමලක් ගැන කියල
ඔයාට ඇද කරනකොට
මගේ හිත පෑරෙන තරම්
ඔයා නං දන්නවෑ
ඒ රෝස මලට ඔයා කැමති නෑ කියලා
පස්සෙ මල්ලිම කියනකොට
නැවතිච්ච හිත ටිකක් ගැහුණා මගෙ...
මට නම් අද වගේ මතකයි
අපි කතා කළ වචන ටික පළමු...
'ඒක පාර්ෂ්වික ව' මං මගේ ආදරය විඳිනවා
ඇත්තමයි මං ඔබව විඳිනවා
කියාගන්න බැරි දහසක් දේ හිතේ හිර කරන්
හැමදාම මං ඔබව විඳිනවා...
ඔබේ විවාහය සිදුවන දිනෙක
අපටත් ඇරයුම් ඒවි
දරාගන්න අපහසු වෙයි නෙවෙද මට
මට මාව ම අහිමි වෙයි නේ!!
නමුත්
මං
ජීවත් වෙනවා
ඔබේ සතුට දකින්නට
ඔබේ දරුවන් අපේ වගේ සුරතල් කරන්නට
මං ජීවත් වෙනවා
ඉතින්
තවදුරටත් මේ 'එක් පැති පෙම' මහැදුරු වරයෙක් වෙළා
මගේ ආදරයේ නිහැඩියාව ම පෙන්නනවා...


 

No comments:

Post a Comment