Saturday, April 30, 2016

මෝඩියක් නෙවෙයි මං

හිමි නැති ආදරේ
හංගගෙන
ආදරය කරන්නම්
නිහඬව ම
කියාවි සමහරු
මෝඩියක් කියලා
මං
ඒත් ඔබ මගෙ
ජීවිතේ වෙලා
දැං
මටත් නොදැනිම
දුර ගිහිං
කොහොමද කියන්නේ මේවා
ඔයාට මං ආදරේ තරම්
ඔයා දැනගත්ත දවසක
පුදුම වෙයි
මේ කෙල්ල ඔයා ගැන
හිතන තරම්
ඔයා ගැන හීන දකින තරම්
ඔයාට ආදරේ කරන තරම්
ඔයා වෙනුවෙන් උමතු වෙන තරම්...


Thursday, April 28, 2016

විලාසිනියක් නොවෙමි

ඔබ කෙරේ උමතුවෙමි
හද සෙනේ පුරෝගමි

විලාසිනියක් නොවෙමි
ඒනිසා නිහඬ වෙමි

Saturday, April 23, 2016

ඒක පාර්ෂ්වික නිහැඩියාව

ඔයාගෙ අම්මා ඔයාගැන කියනකොට
ආසයි අහන් ඉන්න
වෙලාවකට බයත් හිතෙනවා
අම්මලාට හිත් කියවන්න පුළුවන්ලු
ඔයාවත් දන්නෙ නැති
මගේ 'ඒක පාර්ෂ්වික ප්‍රේමය'
ඔයාගෙ අම්මට ඉව වැටේවිද...
ගෙදරදි ඔයා කරන විසේකාරකං
අගෙයි නෙවැ
ලොකු ලොකු වැඩ කරන්න
උපන් හපනෙක් නෙ ඔබ
රසට උයන්නත් පුළුවන්ලු...
ඉතින් ඉතින්
මාත් අහනවා නැන්දාගෙන්
හරි සතුටින් නෙ ඉන්නෙ
අම්මා ඔයා ගැන
මල්ලිලට වඩා ඔයාටලු ආදරේ
නොපෙන්නුවට අම්මා...
හිනාත් වෙනවා මං
පුදුම වෙනවා සමහර වෙලාවට
ඔය දාන වැඩකිඩ දැකල මං
මොනව වුණත් හැමදේම සුන්දරයි මට
ඔබ වගේ ම...
මල්ලි එක රෝසමලක් ගැන කියල
ඔයාට ඇද කරනකොට
මගේ හිත පෑරෙන තරම්
ඔයා නං දන්නවෑ
ඒ රෝස මලට ඔයා කැමති නෑ කියලා
පස්සෙ මල්ලිම කියනකොට
නැවතිච්ච හිත ටිකක් ගැහුණා මගෙ...
මට නම් අද වගේ මතකයි
අපි කතා කළ වචන ටික පළමු...
'ඒක පාර්ෂ්වික ව' මං මගේ ආදරය විඳිනවා
ඇත්තමයි මං ඔබව විඳිනවා
කියාගන්න බැරි දහසක් දේ හිතේ හිර කරන්
හැමදාම මං ඔබව විඳිනවා...
ඔබේ විවාහය සිදුවන දිනෙක
අපටත් ඇරයුම් ඒවි
දරාගන්න අපහසු වෙයි නෙවෙද මට
මට මාව ම අහිමි වෙයි නේ!!
නමුත්
මං
ජීවත් වෙනවා
ඔබේ සතුට දකින්නට
ඔබේ දරුවන් අපේ වගේ සුරතල් කරන්නට
මං ජීවත් වෙනවා
ඉතින්
තවදුරටත් මේ 'එක් පැති පෙම' මහැදුරු වරයෙක් වෙළා
මගේ ආදරයේ නිහැඩියාව ම පෙන්නනවා...


 

කතාකරනවා නම්

ඇළදොළ කියාවි
ගහකොළ කියාවි
මදනල කියාවි
ඔවුන්ට කටක් තිබ්බ නම්...
මගෙ කට වගේ නෙවී
ඔවුන්ට කටක් තිබ්බ නම්
කියාවි
කතාකරල ම කියාවි...
ඔයාට ම කියාවි
ඔබට කෙතරම් ළෙන්ගතු ද කියා මං
මගෙ කට වගේ නෙවී
ඔවුන්ට කටක් තිබ්බ නම්
කතාකරල ම කියාවි
ඔයාට ම කියාවි

අනූ ගණං

ඔයත් ගණං 
නම වගේ ම..

මේ ඇත්තමයි

සිත්තරාවියක් කල්පිතය පතනවා 😳

නො සොයමි

කල්පිතය තුළ  ජීවිතය සොයමි
ජීවිතය තුළ මා සොයමි
මා තුළ ඔබ සොයමි
ඔබ තුළ මා නො සොයමි

ඔබ මා නො සොයන බැව් ද
ඔබ මා නො පතන බැව් ද
ඔබ මා නො සිතන බැව් ද
මා හොඳාකාරව ම දනිමි

නමුදු
තවමත්
මා තුළ ඔබ සොයමි
ඔබ තුළ මා නො සොයමි
ජීවිතය ගෙවමි
කල්පිතය පතමි




Thursday, April 21, 2016

ඇයි නොදනිමි

ගසුත් මල් පුබුදාවි
සමනල්ලු පැමිණේවි
මුළු ලොවම හිනැහේවි
ඔබව මට හමුවේවි...
මුළු ලොවම හඬවාවි
සමනල්ලු ඉගිලේවි
ගසින් මල් මැළවේවි
ඔබ මවෙත නොම ඒවි...

ඔබට ලියූවයි

ඔයා මට කිසිදාක හිමිවෙන්නෙ නෑ තමයි
ඒත් මට හිතෙන්නෙ ම ඔයා මගෙ කියා මයි
දන්නවද ඔබට මං හරි ගොඩක් ආදරෙයි
කෙසේ නම් කියන්නද මං හුඟක් අසරණයි
සුවඳ පවා කතාවක් කියනවා
හීන් සීරුවේ ඔබ ඇසුවොත්
සුළඟ හරහා එය පවසනවා
පරිස්සමට තේරුම් ගන්න එසේනම්
...
හදවතෙහි ස්වභාවය
මල් වල හඬින්
උදෙන් ම සැමගෙන් අහනවා
ඇසිපිය හෙළන තරුකැට
උදෑසනත් තියෙනවා
ඔවුන් සැමත්
ඔන්න ඔබත්
උත්සාහ කරනවා ගනින්න ඒවා
...
පාට බිංදු වැටිලා
හිස් සිහින මතට
එය සරසනවා
එයින් හටගන්නා එකතුව
කොපමණ දුරකට වුවත්
කෙටි මාර්ගයක් වෙනවා
ඔවුන්ගේ ගමන් රිය
ඒ දුර ගිහින් ඉවරයි
...
මෙය කුරුලු කැදැල්ලක සිහිනයක්
රිකිල්ලෙන් රිකිල්ල තොරලා ඔබ ළඟින් නිදන්නට
යම් හෙයකින් ගලපගන්න හැකිනම් ඔබට
...
සුවඳ කතාවක් කියනවා
සුළඟ හරහා එය පවසනවා

මටත් තියෙනවා දුක හිතෙන කතාවක්

කව්රුත් ම නොදන්නා
කිසිවෙකුට නොකියනා
ඇස් කොනට කඳුලු එන
දුක හිතෙන කතාවක්

මා ඔබව දුටු විට...

මා වටා ලොව මදකට නතර විය
කාලය ද මිනිත්තුවක් පිටුපසිනි
ආස්වාසය පවා ප්‍රස්වාසය අමතකකොට ඇත

සිහින පුරමි

ඔබව දකිමි
සිහින පුරමි
පැතුම් පතමි
කඳුළු සළමි