වැස්සක් ව වැටෙන්න
කුඩයක් නැති වෙලාවක
මා නැහැවෙන ලෙසට
ඔබේ පා අතර දැවටුනු
ඒ සිසිල් දිය දහර...
ඉඩදෙන්නමා වෙත
එලෙස වත් විඳගන්න
ඔබේ ස්පර්ෂය...
රෑ ලියන කවි
ස්කූටරේ දයාබර ,
පුංචි ක්ලැසික් ස්කුටරේ
මට හැකි නම් ඔයා වගේ
මහත්තයාවත් අරගෙන
පාරදිගේ ගමන් යන්න
මහත්තයා හරි ආදර
පුංචි ක්ලැසික් ස්කුටර
ඔබ නම් හරි පින්කාරයි
ඔබව පමණි මහත්තයා
ආදරයෙන් රැකගන්නේ
කුටු කුටු ගා ඔබත් එක්ක
යනෙනා ගමනක් අතරේ
පුංචි ක්ලැසික් ස්කුටරේ
මොනවද ඔහු පවසන්නේ
පෙම්වතියක් ඉන්නවාද
ඔහු ඉන් මුසපත් වෙලාද
දෙමාපියන් සනීපෙන්ද
ඔබට හැකි නෙහ් අසාගන්න
පුංචි ක්ලැසික් ස්කුටර
ඔබට හැකිද මෙය කරන්න
මගේ හැඟුම් මහත්තයට
කියාගන්න උදව් වෙන්න
යන එන කොට මේ පැත්තෙන්
අපේ ගෙදර ඇවිත් යන්න
පුංචි රෝදේ හරවාලා
එක්ක එන්න මහත්තයා
දැකගන්නට ලැබුනේ නෑ
විඳගන්නට ලැබුනේ නෑ
කාලයකින් ඔහු සිනහව
පුංචි ක්ලැසික් ස්කූටර
සෙනෙහෙ වදන් කියාගන්න
අවස්ථාව ලැබුනේ නෑ
ඔහුට වෙනත් මනාලියක්
හොයා ගන්න ඉස්සෙල්ලා
මගේ හිතේ තිබෙන හැඟුම්
අඟවන්නට ඕනා ඔහුට ...