Saturday, April 25, 2020

හැමදාම


කවි නොලීවට
හැමදාම
මතක් වෙන්නෙ
නුඹ

Sunday, February 17, 2019

විඳිනු වස්

වැස්සක් ව වැටෙන්න
කුඩයක් නැති වෙලාවක
මා නැහැවෙන ලෙසට
ඔබේ පා අතර දැවටුනු
ඒ සිසිල් දිය දහර...
ඉඩදෙන්නමා වෙත
එලෙස වත් විඳගන්න

ඔබේ ස්පර්ෂය...

Monday, February 4, 2019

රෑ ලියන කවි   

ස්කූටරේ දයාබර ,



පුංචි ක්ලැසික් ස්කුටරේ
මට හැකි නම් ඔයා වගේ 
මහත්තයාවත් අරගෙන 
පාරදිගේ ගමන් යන්න 

මහත්තයා හරි ආදර 
පුංචි ක්ලැසික් ස්කුටර
ඔබ නම් හරි පින්කාරයි 
ඔබව පමණි මහත්තයා 
ආදරයෙන් රැකගන්නේ

කුටු කුටු ගා ඔබත් එක්ක  
යනෙනා ගමනක් අතරේ
පුංචි ක්ලැසික් ස්කුටරේ 
මොනවද ඔහු පවසන්නේ

පෙම්වතියක් ඉන්නවාද 
ඔහු ඉන් මුසපත් වෙලාද 
දෙමාපියන් සනීපෙන්ද 
ඔබට හැකි නෙහ් අසාගන්න 

පුංචි ක්ලැසික් ස්කුටර
ඔබට හැකිද මෙය කරන්න 
මගේ හැඟුම් මහත්තයට 
කියාගන්න උදව් වෙන්න 

යන එන කොට මේ පැත්තෙන් 
අපේ ගෙදර ඇවිත් යන්න 
පුංචි රෝදේ හරවාලා 
එක්ක එන්න මහත්තයා 

දැකගන්නට ලැබුනේ නෑ
විඳගන්නට ලැබුනේ නෑ 
කාලයකින් ඔහු සිනහව 
පුංචි ක්ලැසික් ස්කූටර

සෙනෙහෙ වදන් කියාගන්න 
අවස්ථාව ලැබුනේ නෑ 
ඔහුට වෙනත් මනාලියක් 
හොයා ගන්න ඉස්සෙල්ලා 
මගේ හිතේ තිබෙන හැඟුම් 
අඟවන්නට ඕනා ඔහුට ...





  






Monday, January 23, 2017

ඔයා කැමති විදිහට ඔයා කියනවනම්

තැම්පත් බව වැඩී නම් 
ඕනැතරම් පිස්සු වැඩ කරන්නම්
ඔයා කැමති විදිහට 
ඔයා කියනවනම්
 
හුඟක් තැම්පත් ව ඉන්නම්
මගේ පොඩි පිස්සු වැඩ නවතලා
ඔයා කැමති විදිහට 
ඔයා කියනවනම්

රසට කෑම ටික උයන්නම් 
ඔයාගෙ අම්මගෙන් අහල
ඔයා කැමති විදිහට 
ඔයා කියනවනම්

ආදරේ මදිවගේ දැනෙනවනම් 
මදි නො කියන්න ආදරේ දෙන්නම්
ඔයා කැමති විදිහට 
ඔයා කියනවනම් 

ඒත් මං ලස්සන මදි
ඔයාට ගැලපෙන්නෙ නෑ 
හිත හදාගන්නම්
ඒත් 
ඒ 
කොහොමද 

ඔයා කැමති විදිහට 
ඔයා කියනවනම් 
මං ඔයාගෙ ම වෙන්නම් 
හැමදාම හැමමොහොතෙම
ළඟින් දැවටිලා ඉන්නම්

Monday, November 14, 2016

හීන

හොඳටෝම පණ ගැහෙනා
හීනවල කිමිදෙන්න
ඔබ එනවද මට කියන්න;

ඔබ ආපසු මගෙ හීනෙට
පාට පාට තටු ලැබිලා
පියාඹාවි ආකාසේ
රුවන්විජිත ඉම් සොයලා


ඔබ නාවොත් ඒ හීනෙට
පාට පාට තටු කොයින්ද
හීනවලට රුවන්විජිත
හීන මාලිගා වේවී...

Wednesday, October 19, 2016

මහ ගොඩක්

මහ ගොඩක් වහින්න
මගේ දුක සේදි සේදී
ගලායන පරිදි ගංදිය
මහ ගොඩක් ගලන්න
මගේ සෙනෙහස බේරි බේරී
වෑහෙනා සේ ඔබ පතුල
මහ ගොඩක් වෑහෙන්න
මගේ සිතිවිලි  මතින් මත්වී
මතුවෙනා සේ බිඟුන් වද
මහ ගොඩක් මතුවෙන්න
මගේ ප්‍රේමය පිපි පිපී
කුසුම් ලෙස ඔබේ හදවත

Monday, October 3, 2016

සිත ඉල්ලන්නේ ඔබව ...

 මං කුමක් කරම් ද
 මං සුසුම් ලමින් ඉන්නෙ
 මා කුමක් කළ යුතුද?....

ඈත සිටින කෙනෙක් ළං වෙන්න අහනවා

නමුදු ඔබ !!!
ඔබට මගේ හදවත ඇසෙන්නේ නෑ

මේ ගැහැනු ළමයා අයදිමින් ඉන්නවා
හදවත තුළ ගින්දර ඉපදෙමින් තියෙනවා
ආසාදනයක් වගේ තාරුණ්‍යය ම පාරවනවා

තොල් ආලේපන ඉල්ලගෙන යොවුන් වියෙන්
මං සරසනවා මගේ සිහින වර්ණ වලින්
මිරිගුවක් පිටුපස පිපාසිත ව දිව යනව මං

ඔබ ළඟින් ගියත්
ඇයි මගේ සිත ස්වයං ව පිරී යන්නේ
ඇයි මම මල් උයනින් පලා යන
මල් කැකුළිය වන්නේ

මී මැස්සෙකුගේ සෙවනැල්ලකට ආශා කරන මම
කූඩුව තුළ සිරවී සිටින එක් අසරණ මුවැත්තියක් වෙමි
යනෙන කොටිඇස් ගිල ගැනීමට උත්සාහ කරන..

මා කුමක් කළ යුතුද ?...